ඔබේ දරුවාට ගෙදරදීම ඉංග්‍රීසි ඉගැන්විය හැකි වන්නේ කෙසේද?



ඔබට ඉංග්‍රීසි ගැන ලොකු දැනුමක් නැති වුනාට බය වෙන්න දෙයක් නැහැ. ඔබේ දරුවට අවශ්‍ය ඔබේ දිරිමත් කිරීම සහ ඔබේ උනන්දුව විඳ ගැනීමටයි. ඔබ තුල ඉංග්‍රීසි වලට ඇති උනන්දුව ගැන ඔබේ දරුවාට දැනුනු විට ඔහු ඉංග්‍රීසි හඹා යන බව විශ්වාසයි.


ඒ වගේම ඔබේ දරුවා එක පාරටම ඉංග්‍රීසියෙන් කතා කළේ නැහැ කියලා බය වෙන්න ඕනෙත් නැහැ. ඔවුන්ට අළුත් භාෂාව තේරුම් ගැනීමට කාලයක් දෙන්න. ඔවුන් විසින්ම ඉංග්‍රීසියෙන් කතා කරාවි.




1. ඉංග්‍රීසි වෙනුවෙන් වේලාවක් වෙන් කරන්න.

ඉංග්‍රීසි වෙනුවෙන් වෙන් කරන කාලය කලාතුරකින් සිදු කරන දිගු කාල පරාසයක් වෙනුවට, නිතර සිදු කරන කෙටි කාල පරාසයකන් බවට හරවා ගන්න.


උදා : කුඩා දරුවෙකුට විනාඩි 50ක පමණ කාලයක් ප්‍රමාණවත් වන අතර, ඔවුන් වයසින් වැඩෙන විට වෙන් කරන කාල ප්‍රමාණය වැඩි කළ හැක.

සෑම දවසකම නිශ්චිත වෙලාවක් තෝරාගෙන එම ක්‍රියාකාරකම් ඉටු කිරීමට උත්සාහ කරන්න. එවිට දරුවාට පෙර සුදානම නිසා වැඩි පහසුවක් දැනෙනු ඇත.

උදා : නින්දට පෙර ඉංග්‍රීසි පොත් කියවීම.



2. ක්‍රීඩා හරහා.


සතුටින් සිටීමේදී දරුවන් ඉබේම ඉගෙන ගන්නවා.

දරුවන් ඉංග්‍රීසි භාෂාව වෙත කිට්ටු කරවිය හැකි එවැනි ක්‍රීඩාවන් රැසකි.
උදා : Flashcards, Simon says, Charades, What’s the time Mr Wolf?, Snakes and ladders, I spy, Hangman, Online ක්‍රීඩා



3. එදිනෙදා සිදුවීම් වලදී ඉංග්‍රීසි භාවිතා කරන්න.


ඇඳුම් ගැන, කුස්සියේදී ආහාර ගැන, වෙළඳසැලේදී විකිණිමට ඇති බඩු ගැන දරුවන්ව ඉංග්‍රීසියෙන් දැනුවත් කරන්න.



4. කතන්දර පොත් භාවිතයෙන්.


කුඩා දරුවන් දීප්තිමත් වර්ණ සහිත, ආකර්ශනීය රූප සහිත පොත් කියවීමට ගොඩක් කැමතියි. ඔබට පුළුවන් කතා පොත් හරහා දරුවාට ඉංග්‍රීසි කියා දෙන්න. සරළ ඉංග්‍රීසි කතන්දර සහිත පොත් කියවීමට දීමෙන් ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරන්න පුළුවන්.



5. වීඩියෝ හරහා.


ඔවුන් කැමතියි කතන්දර සහිත වීඩියෝ නරඹන්න. එමෙන්ම කාර්ටූන් නැරඹීමට කැමති පොඩිත්තන්ට ඉංග්‍රීසි කාර්ටූන් නැරඹීමට දෙන්න. තරමක් වැඩිහිටි දරුවන්ට තෝරා ගත් ඉංග්‍රීසි චිත්‍රපට නරඹන්න දෙන්න. නමුත් සිංහල උපසිරැසි සහිත ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීමට දීමෙන් ඉංග්‍රීසි දැනුම වඩවා ගත නොහැකි බව මතක තබාගන්න.



6. ගීත උපයෝගී කර ගැනීමෙන්.


දරුවාගේ වචන උච්චාරණ හැකියාව වැඩි දියුණු කර ගන්න වගේම අළුත් වචන ඉගෙන ගන්නත් ගීත ගායනා කිරීම සහ ඒවාට සවන් දීම මගින් හැකි වෙනවා.



7. පුංචි පුංචි ත්‍යාග දීමෙන්.


පාඩම් කරන්න දෙන වචන ඔක්කොම පාඩම් කරනවට ඔබට පුළුවන් ඔබේ දරුවට පුංචි පුංචි තෑගි ලබා දෙන්න. කෑමට පසු රසවත් අතුරුපසක්, අළුත් කතන්දර පොතක් ලබා දීලා ඔබට පුළුවන් දරුවාව මේ වැඩේ ආසාවෙන් කරන තත්වයට පත් කරන්න.



8. ව්‍යාකරණ(Grammar) ඉගැන්වීමේදී.


ව්‍යාකරණ නීති ඉගැන්වීමට වඩා, ව්‍යාකරණ රටාව දරුවාගේ සවනට වැටෙන්නට දෙන්න. එවිට දරුවා වයසෙන් වැදෙද්දී අවශ්‍ය වෙලාවේදී, නිවැරදි ව්‍යාකරණ රටාව භාවිතා කිරීමට පුරුදු වේවි.



9. නිර්මාණශීලි වන්න.


පොතක තියෙන ප්‍රශ්න වලට උත්තර ලියනවට වඩා දරුවෝ ආසයි පරිඝනකයේ තියෙන පාඩම් මගින් ඉගෙන ගන්න. ඒ නිසා කුඩා දරුවන්ට සුදුසු online test කිරීමට අවස්ථාව ලබාදෙන්න.



10. පටන් ගත යුතු දේ.


මුලින්ම පුංචිම දෙයින් අරඹන්න.

උදා : ඉලක්කම්, වර්ණ, ශරීරයේ කොටස්, සෙල්ලම් බඩු, ඇදුම්, ආහාර සහ සත්ව නාම

මේ ලිපිය ප්‍රයෝජනවත් කියල හිතෙනවනම් යාලුවන්ටත් බලන්න share කරන්න.

 

Comments