ඉංග්‍රීසි බසට දරුවන් නිරාවරණය කරමු
ජාත්‍යන්තර
භාෂාවක් බවට පත්ව ඇති ඉංග්‍රීසි බස ශ්‍රී ලාංකික දරුවන්ට
ඉගැන්වීමේ වැදගත්කම රජය අවබෝධ කරගෙන තිබේ. මෙහි වර්ධනය සඳහා
රජය ඉංග්‍රීසි ගුරුභවතුන් පත්කර, පාසල් සිසුන්ට නොමිලේ පෙළපොත්
හා වැඩපොත් ලබාදී ගුරු පුහුණු සැසි පවත්වා ගුරුභවතුන්ගේ දැනුම
යාවත්කාලීන කිරීමට කටයුතු කරන නමුත් තවමත් ගම්බද පාසල්වල වතු
පාසල්වල හා නගරයේ ජනප්‍රිය නොවන පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ
ඉංග්‍රීසි නිපුණතා මට්‌ටම ප්‍රමාණවත්ව වර්ධනය වී ඇති බවක්
විද්‍යමාන නොවේ.
ඉංග්‍රීසි භාෂාව ජීවන නිපුණතාවක් බවට පත්කිරීමට ප්‍රමාණවත්ව කටයුතු නොකිරීම මෙයට හේතුව වශයෙන් දැක්‌විය හැකිය. පාසල් පරිශ්‍රය තුළ පමණක් නොව ඉන් පිටත සමාජයේදීත් නොබියව හා ආත්ම විශ්වාසයෙන් යුතුව ඉංග්‍රීසි භාෂාව ව්‍යවහාර කිරීමට දිරිගැන්වීමක් අවශ්‍යමය. ඉංග්‍රීසි උගන්වන ගුරු භවතා සෑම විටම සිසුන් හා සංවාදයේ යෙදිය යුතු වන්නේ ඉංග්‍රීසියෙනි. සිසුන්ට මෙම භාෂාවේ වැදගත්කම ඒත්තු යන්නේ එවිටය. Putha Whats the book you borrowed form the library පුතා, ඔබ පුස්‌තකාලයෙන් ගත් පොත මොකක්‌ද? who is the authorහූ ඊස් දි ඕත? කතුවරයා කව්ද? whats the name of the book පොතේ නම මොකක්‌ද? who are the Charactes? කවුද ඉන්න චරිත Is it interesting ? ඊස් ඉට් ඉන්ටරස්‌ටිං? ඒක රසවත්ද?
මෙවැනි අර්ථවත් සංවාද තුළින් ඉංග්‍රීසි ඉගැන්වූ සහ උගන්වන ගුරුභවතුන් ඉගැන්වීම තුළින් සතුට ලබති. ඔවුන්ට ඉගැන්වීමේ ක්‍රියාවලිය සතුට ගෙන දෙන කටයුත්තක් වන අතර සිසුන්ද ප්‍රියජනක ක්‍රියාකාරකම් මඟින් ඉංග්‍රීසි අර්ථවත් ලෙස උගනිති. අ.පො.ස. (සා. පෙළ) ඉංග්‍රීසි ප්‍රතිඵල විශ්ලේෂණය කරන විට පෙනී යන්නේ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ ඉංග්‍රීසි නිපුණතා මට්‌ටම 11 ශ්‍රේණියට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණවත්ව වර්ධනය වී නොමැති බවය. බොහෝ ග්‍රාමීය සිසුන්ට ඉංග්‍රීසි රචනා හා ලිපි ලිවීම අපහසු බව උත්තර පත්‍ර ලකුණු කරන ගුරු භවතුන් දැක ඇත. උත්තර පත්‍ර ලකුණු කරන ඇගයීම් ක්‍රියාවලියේ නිරත ගුරු භවතුන්ට එම තම අත්දැකීම උපයෝගී කොට සිසුන්ගේ ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමේ අඩුපාඩු සකස් කර දිය හැකිය.
එපමණක් නොව අ.පො.ස. උසස් පෙළ පොදු ඉංගී්‍රසි (General English) විභාග ප්‍රතිඵලද 1 සී පාසල්වල තවමත් අසතුටුදායකය. 1 සී පාසල් යනු උසස් පෙළ කලා සහ වාණිජ විෂය ධාරාව සහිත මහා විද්‍යාලයන්ය. උසස් පෙළ පොදු ඉංග්‍රීසි විෂයයෙන් සිසුන් සමත් කරවීමේ වගකීම විෂයභාර ගුරුභවතා භාරගන්නේ නම් ප්‍රථමයෙන් ඔහු හෝ ඈ කළයුතු වන්නේ පෙළපොත හා ප්‍රශ්න පත්‍ර දෙක අතර ඇති සම්බන්ධය පෙන්වා දීමය. පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර පන්තියට ගෙනැවිත් සිසුන් සමඟ සාකච්ඡා කිරීම අතිශයින්ම ඵලදායක ක්‍රියාවකි. එවිට 12 ශ්‍රේණියේ සිටම 13 ශ්‍රේණියේ වසර අවසානයේදී විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන පොදු ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර I හා II ට සාර්ථකව පිළිතුරු ලිවීමට හොඳ හුරුවක් උසස් පෙළ සිසුන්ට ලැබේ.
ඉංග්‍රීසි භාෂාවට නිරාවරණය වීමේ ප්‍රමාණය මත යම්කිසි තැනැත්තකුගේ ඉංග්‍රීසි නිපුණතාව රදා පවතී. එබැවින් ඉංග්‍රීසි ඉගෙනීම (Learning English) හා ඉංග්‍රීසි භාෂාවට නිරාවරණය වී (Exposure to English Language) යන ක්‍රියාවලීන් දෙකම එකසේ වැදගත්වේ. යමෙකුගේ මවුබස සම්බන්ධයෙන් පමණක් නොව ශ්‍රී ලාංකිකයන්ගේ දෙවැනි භාෂාව වන ඉංග්‍රීසි සම්බන්ධයෙන් ද මෙය අදාළ වේ. නිදසුනක් ලෙස අපි සිංහල හෝ දෙමළ දරුවකු ගනිමු.
මේ සිංහල හෝ දෙමළ දරුවාට අසන්නට ලැබෙන්නේ බොහෝ විට තම දෙමව්පියන්, සොහොයුරු සොහොයුරියන් සහ අසල්වැසියන් මවුබසින් කරන කතාබහය. මෙලෙස ඇසෙන දැ උකහා ගැනීමෙන් (grasping) මේ දරුවා බස ඉගෙන ගන්නා අතර වයස අවුරුදු 2 1/2 - 3 වනවිට අනුකරණයෙන් උකහා ගත්දැ ප්‍රකාශ කරන්නට පටන් ගනී. මේ දරුවාට එකී හැකියාව ලැබුණේ භාෂාවට නිරාවරණය වීමෙනි.
Language acquisition is a subconscious process that takes place in our life time which is helpful for a person to gain proficiency according to the degree of exposure to language භාෂාවට නිරාවරණය වීම උප විඥනික ක්‍රියාවලියක් වන අතර ජීවිත කාලය පුරාම සිදුවන මේ ක්‍රියාවලියේදී භාෂා නිපුණතාව හා ප්‍රවීණතාව ඇතිවන්නේ භාෂාවට නිරාවරණය වූ ප්‍රමාණය මතය.
ළමයකු පාසලකට ඇතුළත් වී විධිමත් අධ්‍යාපනයක් ලබමින් භාෂාවක නීති හෙවත් ව්‍යාකරණ (Grammar) ඉගෙනීම ඇරඹීමට පෙර නිවසේ සිටියදීම තමා නිරාවරණය වූ භාෂාව කථා කරන්නේ ඒ නිසාය. කිසියම් නිවසක සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකම හෝ දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා දෙමව්පියන් භාවිත කරන්නේ නම් එවැනි පවුලක දරුවෝ එම භාෂා දෙකෙහිම කිසියම් ප්‍රවීණත්වයක් දක්‌වති.
එහෙත් පාසලේදී භාෂාව ඉගෙනීම අරඹන දරුවා එය ආයාසයෙන් ඉගෙන ගනී. Language learning is a conscious process and the rules of a language are learnt with a deliberate effort කෙසේ නමුත් මේ ක්‍රියාවලීන් දෙකම එකසේ වැදගත් බව කිව යුතුය. කිසියම් තැනැත්තෙකු ඉංග්‍රීසි භාෂාවට කොතෙක් දුරට නිරාවරණය වී තිබේද යන්න ඔහු හෝ ඇය භාෂාව භාවිත කරන ආකාරයෙන් කිව හැකිය. නිවසේදී හෝ පාසලේදී හෝ සමාජයේදී සිසුන් කොතෙක් දුරට ඉංග්‍රීසි භාෂාවට නිරාවරණය වේද?
පාසල් සුපරීක්‍ෂණය (School Supervision) සඳහා සමහර පාසල්වලට ගියවිට සිසුන් ඉංග්‍රීසි භාෂාවට යොමු කිරීමට භවතුන් දරා ඇති උත්සාහය ප්‍රමාණවත් නැති බව හැඟෙන්නේ ළමා නිර්මාණවලට ඉඩ සලසන මෙන්ම සිසුන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදක්‌වන බිත්ති පුවත්පත් බිත්ති සඟරා හෝ දැන්වීම් පුවරු ආදිය දැකීමට නැති බැවිනි. සම්ප්‍රදායක් වශයෙන් වසරකට වරක් ඉංග්‍රීසි දිනයක් හෝ ඉංග්‍රීසි කඳවුරක් පැවැත්වීම සිසුන් තුළ ඉංග්‍රීසි ඉගෙනීම හා භාවිතය කිරීම කෙරෙහි අභිප්‍රේරණයක් (Motivation) ඇති කිරීමට හේතුවන අතර මෙවැනි උත්සව සිසුන් විසින් සංවිධානය කිරීමේදී ඔවුන්ට ලැබෙන අත්දැකීම ඵලදායී වේ. මෙවැනි කටයුතු එක් දිනකට හෝ දින කීපයකට සීමා නොකොට මුළු වසර පුරාම සිසුන් කෙරෙහි අභිප්‍රේරණයක් ඇතිවන අයුරින් ඉංග්‍රීසි බසට නිරාවරණය කිරීමේ ක්‍රියාදාමයක් පාසල් තුළ ක්‍රියාත්මක කළ යුතුවේ.
මෙහි මුල් පියවර තැබිය යුත්තේ පාසලේ විදුහල්පතිවරයා සහ ඉංග්‍රීසි ගුරුභවතුන් විසින්ය. හැකි සෑමවිටම ගුරු භවතුන් සිසුන් සමඟ ඉංග්‍රීසියෙන් කතා කිරීම මෙහි මුල් පියවර වුවත් ආරම්භයේදී ගැමි දරුවන් ක්‍ෂණිකව ප්‍රතිචාර නොදැක්‌වුවත් ඔවුන් ක්‍රමයෙන් ප්‍රතිචාර දැක්‌වීමට පෙළඹෙනු ඇත. ඒ සමගම ළමා නිර්මාණ වූ රචනා, කවි, පන්ති ලිපි, කෙටි කතා සහ පුවත්පත්වලින් ලබාගත් උපුටා ගැනීම්වලට ඉඩ සලසන බිත්ති පුවත්පතකින් 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්‌වා සෑම පන්තියකම ඇරඹිය හැකිවේ. මෙය පවත්වාගෙන යැමේ වගකීම ඉංග්‍රීසි ගුරු භවතා සහ සිසු සිසුවියන්ට පැවරේ. ඉංග්‍රීසි භාෂාවට තම දරුවන් නිරාවරණය කිරීමේ වගකීම දෙමව්පියන්ටද පැවරෙන බව මතක් කරදීම වටී. කැපවීමෙන් රාජකාරි කටයුතු කරන ගුරු භවතුන් දිරිගැන්වීම සඳහා ප්‍රශංසා සහතික ලබාදීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළයුතු අතර එවැනි සහතික කිහිපයක් හිමිකරගත් ගුරු භවතුන්ට ගුරු උපහාර පිරිනැමීමට කටයුතු කිරීම ඔවුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීමට ඉවහල් වේ.
භාෂාවට නිරාවරණය වීමෙන් භාෂාව උකහා ගැනීම පිළිබඳ න්‍යාය ලොවට ඉදිරිපත් කළ භාෂා විශාරදයකු වූ නෝම් චොම්ස්‌කි (Noam Chomsky) පැවසුවේ දරුවකු භාෂාවක් උකහා ගැනීමේදී උපක්‍රමයක් භාවිත වන බවය. ඔහු එය ඛ්බටම්ටැ Language Acquisition Device (LAD) ලැගේවේ- ඇක්‌විසිෂන් ඩිවයිස් ලෙස හැඳින් වූ අතර දරුවකු දකින භාණ්‌ඩ හෝ දේවල්වල නම් (The names of Concrete Objects) වඩා පහසුවෙන් මතකයට එකතු වන බවත් Love (ආදරය) Kindness (කරුණාව) Mercy (දයාව) Freedom (නිදහස) Democracy (ප්‍රජාතන්ත්‍රවාදය) වැනි ගුණ නාම Abstract Nouns පසුකාලීනව මතකයට යන බවත්ය.
දරුවකුගේ වයස අවුරුදු 2-7 අතර කාල පරාසයේදී භාෂා වර්ධනයෙන් වැඩි ප්‍රමාණයක් සිදුවන බව සොයාගෙන ඇති බැවින් කුඩා කල සිටම සිසුන් ඉංග්‍රීසි භාෂාවට නිරාවරණය කිරීම ඵලදායී වේ. නිවැරැදිව ඉංගී්‍රසි බස භාවිත කරන වියතුන්ගේ දේශනවලට සවන් දීමෙන් දැනුම මෙන්ම නිවැරැදි උච්චාරණය ද (Pronunciation) - ප්‍රනන්සියේෂන්) උකහා ගැනෙන බැවින් එවැනි අවස්‌ථා සිසුන්ට උදාකර දීම ගුරු භවතුන්ගේ මෙන්ම දෙමාපියන්ගේද වගකීමකි.
දිවයින පුවත්පතින් උපුටා ගැනීමකි
මේ ලිපිය ප්‍රයෝජනවත් කියල හිතෙනවනම් යාලුවන්ටත් බලන්න share කරන්න.

Comments
Post a Comment