ඉංග්‍රීසි ඉගෙන ගැනීම වැදගත්
ලොව වැඩිපුරම භාවිතා වන පොදු භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාෂාව නූතන රැකියාවන්ටත්, වැඩිදුර අධ්‍යාපනය සඳහාත් අත්‍යාවශ්‍ය යි. බොහෝ සිසුන් විශ්වවිද්‍යාලයයට පිවිසීමෙන් පසුව ද තමන්ගේ ඉංග්‍රීසි හැකියාවන්ගේ දුර්වල බව නිසා තම දක්ෂතා විදහා පාන්නට නොහැකිව අපහසුතාවයට පත් වෙනවා. එනිසා A/L අවසන්ව ගෙදර ගත කරන කාලය ඉංග්‍රීසි පාඨමාලාවක් සඳහා යොමු කිරීමෙන් ඵලදායීව, අනාගතය වෙනුවෙන් වැඩදායීව යොදා ගන්නට හැකියි.
ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේදී ලිවීම, කියවීම, සවන් දීම මෙන්ම සංවාදයන්හි දී හොඳින් යොදා ගැනීම කළ යුතු වෙනවා. ෆිල්ම් සහ TV Series බලද්දී ඉංග්‍රීසි උපසිරැසි සමග නැරඹීමෙන් ශ්‍රවණ හැකියාවන් පහසුවෙන්ම වර්ධනය කරගන්න පුළුවන්.
Comments
Post a Comment