ඉංග්‍රීසි කතාව දියුණු කරගැනීමට දිනපතා පිළිපැදිය යුතු කරුණු හතක්

ඉංග්‍රීසි කතාව දියුණු කරගැනීමට දිනපතා පිළිපැදිය යුතු කරුණු හතක්

උසේන් බෝල්ට් කියන්නේ එදා මෙදා තුර බිහි වූ ඇති විශිෂ්ඨ කෙටි දුර ධාවන ශුරයෙක්. ඔහු ඒ තැනට එන්න දිනපතා කොතරම් පුහුණු වීම් කරමින් මහන්සි වෙන්න ඇති ද? ඕනෑම දෙයක දක්ෂයෙක් වෙන්න නම් ඒ වගේ දිනපතාම පුහුණු වෙන්න ඕනෑ. ඔබ පුරුදු පුහුණු වන තරමට තමයි ඔබට ප්‍රතිඵලත් ලැබෙන්නේ. ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කර ගැනීමේදී වුණත් එය එසේමයි. අද අපි ඔබට කියලා දෙන්න යන්නේ ඔබට ඉංග්‍රීසි කතාවේ දක්ෂයෙක් වීමට ඉක්මනින් අවශ්‍යයි නම් ඒ සඳහා දිනපතා පිළිපැදිය යුතු දේවල් හතක් ගැන. අපි දැන් බලමු මේ කරුණු හත ගැන අවධානය යොමු කරන්න.

🎯 හැමදාම පුරුදු වෙන්න

ඔබට ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කරගන්න තිබෙන හොඳම මඟ නම් දිනකට මිනිත්තු කිහිපයක් වත් ඉංග්‍රීසි කතාව පුහුණු වන එක. ඔබට සුද්දෙක් වගේ හරි හරියට ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍යයි නම් ඔබ එය එදිනෙදා ජීවිතයේ නැතුවම බැරි අංගයක් කරගත යුතුයි.

🎯 ශිෂ්‍යයෙක් වීම නවත්තන්න

නිවැරදි ආකල්පයට පුළුවන් සාර්ථකත්වය සහ අසාර්ථකත්වය වෙන් කරන්න. ඉංග්‍රීසි ඉගෙනා අයෙක් ලෙස ඔබ ගැන සිතීම වහාම නවත්වන්න. ඒ වෙනුවට ඔබ ඉංග්‍රීසි කතා කරන පුදගලයෙක් යැයි සිතන්නට පටන් ගන්න. මේ මඟින් ඔබට වඩා ආත්ම විශ්වාසයක් ලබා දෙනවා වගේම අපි දැනටමත් දන්නා ඉංග්‍රීසි වඩාත් ඵලදායීව භාවිතා කිරීමට හැකියාව ලබා දීමට සහය වෙයි.

🎯 ඉංග්‍රීසියෙන් හිතන්න පටන් ගන්න

ඔබ දැන්ම ඉංග්‍රීසියෙන් සිතීම ආරම්භ කිරීමට අවශ්‍යයි. මේ වන ඔබ කරනවා ඇත්තේ සිංහලෙන් සිතා එය ඉංග්‍රීසියට පරිවර්තනය කොට කතා කිරීමයි. ඒ වෙනුවට හැකි සෑම විටක දීම ඉංග්‍රීසියෙන් සිතන්නට පුරුදු පුහුණු වන්න. ඉංග්‍රීසියෙන්ම සිතා ඉංග්‍රීසියෙන් කතා කරන්න.

🎯 ප්‍රශ්නයේම පිළිතුර ඇති බව මතක තබාගන්න

කවුරුන් හෝ ඔබෙන් ඉංග්‍රීසියෙන් පැනයක් අසූ විට ඉතා හොඳින් ඇහුම්කන් දෙන්න. බොහෝ අවස්ථාවලදී පිළිතුර එම ප්‍රශ්නයේම අඩංගු වනවා. ඉංග්‍රීසි ප්‍රශ්න හරියට කැඩපතක් වගෙයි.
උදාහරණයක් විදිහට;

Does he…..? Yes, he does.
(ඩස් හී……? යස්, හී ඩස්)

Can she….? Yes, she can.
(කැන් ශී…..? යස්, ශී කැන්)

Is it….? Yes, it is.
(ඊස් ඉට්….? යස් ඉට් ඊස්)

කවුරුන් හෝ ඔබෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් ඇසූ විට ඔබට දිය යුතු පිළිතුර පිළිබඳ නිසි අදහසක් නැත්තම්, ප්‍රශ්නය ඇසීමට පාවිච්චි කරන ලද වචන ගැන හිතන්නපටන් ගන්න. ඔබට උත්තරය හදා ගැනීමට අවශ්‍ය වන වචන බොහොමයක් එම ප්‍රශ්නය ඇසූ පුද්ගලයා දැනටමත් කියා අවසන්. ඉංග්‍රීසි ව්‍යාකරණ කට පාඩම් කරන්නේ විතරක් නැතුව මෙවැනි රටා ගැනත් ඔබේ අවධානය යොමු කිරීම ආරම්භ කරන්න.

🎯 ඇහුම්කම්දීම තුළින් බොහෝ දේ දැනගන්න

හැකි තරම් ඉංග්‍රීසි සංවාද වලට ඇහුම්කම් දීමට උත්සාහ කරන්න. වචන වල තේරුමට පමණක් නොව ඒ පුද්ගලයා එම වචන පවසන ආකාරයටත් ඇහුම්කම් දෙන්න. පුද්ගලයෙක් යම් කිසි වාක්‍යයක එකිනෙකට සම්බන්ධ කරන වචන ගැන ඔබේ අවධානය යොමු කරන්න.

🎯 වාක්‍ය ඛණ්ඩ ඉගෙන ගන්න

ඉංග්‍රීසි හොඳින් කතා කරනවා කියන්නේ ඔබේ සිතුම්, හැඟීම් හා අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙනවා කියන එකයි. ඔබේ අරමුණ සම්පූර්ණ වාක්‍ය මඟින් ඉංග්‍රීසි කතා කිරීමයි. ඒ නිසා සම්පූර්ණ වාක්‍ය ලෙසින්ම ඉගෙන ගන්න. ඔබ සිංහලෙන් කතා කරන විට නිතරම භාවිතා කරන වාක්‍ය ඛණ්ඩ ගැන සිතීමෙන් ආරම්භ කරන්න. ඒවා ඉංග්‍රීසියෙන් කියන හැටි ඉගෙන ගන්න.

🎯 වැරදීම් කරන්න බය වෙන්න එපා

සමහර වෙලාවට සරල වාක්‍යයකට ඔක්කොම නීති සහ වචන එකට එකතු කොට කියන්න අමාරු වන්න පුළුවන්. වැරදියට යමක් කියයි කියා තිබෙන බයට ඔබ මුකුත්ම නොකියා සිටින තැනට පත් කිරීමට ඉඩ දෙන්න එපා. ඔබ වැරද්දක් සිදු කරත් දිගටම නවත්තන්නේ නැතුව කතා කිරීම  සිදු කරන්න. බොහෝ අවස්ථාවලදී ඔබ වැරද්දක් සිදු කළත් ඔබ පැවසීමට අදහස් කරන දෙය අනෙක් පුද්ගලයන් වටහා ගනීවි.

දැන් ඔබට පේනවා නේ අපි කිව්වේ ඉතාම සරල කරුණු හතක්. ඕනෑම් අයෙකුට වැඩි උත්සාහයක් දරන්නේ නැතුව මේ කරුණු හත දිනපතා තමන්ගේ දින චර්යාවේ අංගයන් විදිහට සිදු කරන්න පුළුවන්. මේ කරුණු හත දිනපතා පිළිපැද්දොත් වැඩි දවසක් යන්න කළින් ඔබේ ඉංග්‍රීසි කතාවේ වර්ධනයක් ඔබටම දැක ගත හැකි වේවි.






 

Comments