Secrets of speaking English
චතුර ඉංග්‍රීසි කථිකයෙකු වීමේ රහස්


Stop studding grammar .
ව්‍යාකරණ ඉගෙන ගැනීම නතර කරන්න .


ඔබට ඔබගේ ඉංග්‍රීසි ඉංග්‍රිසි කතා කිරීම දියුණු කර ගැනීමට අවශ්‍ය නම් ඔබ ඉගෙන ගත් සියලුම ව්‍යාකරණ රීති ගැන සිතීම නතර කිරීමට සිදුවේ .

ව්‍යාකරණ රීති ඔබට උදව් කරනවා හොඳට ලිවිය යුත්තේ කෙසේද යන්න සඳහා. නමුත් ඒවා හොඳින් ඉංග්‍රීසි කතා කතා කිරීමට උදව් නොකරයි .ඔබ ඔබගේ මව් බස කතා කරනු ලැබූයේ ව්‍යාකරණ රීති ඉගෙන ගැනීමෙන් පසුවද ?.කොහෙත්ම නැත .

ව්‍යාකරණ පිළිබඳව ඕනෑවට වඩා සිතීමට යාමෙන් ඔබ කතා කිරීමට පෙර ,කුමන වචනය ද යෙදිය යුත්තේ ,කුමන වාක්‍ය රටාව ද යෙදිය යුත්තේ යන්න දැඩි පීඩනයකින් මතක් කරයි.

(your are thinking too much about with word to say or what tense the word should be in )
 ඔබ දැනටමත් කතා කරන ඔබගේ මව් බස ඔබ කතා කිරීම ආරම්භ කළේ පාසලේ ව්‍යාකරණ රීති ඉගෙන ගැනීමෙන් පසුව ද ?

චතුර ලෙස හා ස්වභාවික ලෙස ඉංග්‍රීසි කතා කිරීමට ඔබ නිරායාසයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත යුතුයි .

ඔබ දැනගත යුත්තේ ඉංග්‍රීසි මනාව කතාකරන්නම් භාවිතා කරන නිවැරදි phrases වේ .

ඔබට ප්‍රශ්නයක් ද ?ව්‍යාකරණ අමතක කර කතා කරන්න පුලුවන්ද ?........
.
ව්‍යාකරණ යන්න මනසින් අමතක කර දැමීම ඉතාමත් වැදගත් සාධකයක් ඉංග්‍රීසි චතුර ලෙස කතා කිරීම ඇරඹීමට. ඔබට ව්‍යාකරණ යම් ප්‍රමාණයක් අවශ්‍යයි .ඉතා ස්වල්පයක් පමණි. ඔබ තුළ පවතින ව්‍යාකරණ දැනුම පමණටත් වඩා ප්‍රමාණවත් .ඔබ දන්නවාද බොහෝ උපතින් ඉංග්‍රීසි කතා කරන පුද්ගලයන්ට (Native English speakers )ව්‍යාකරණ වඩා හොඳින් තේරුම්ගත නො හැකි බව .

අප සියල්ලන්ම දන්නා කරුණක් වන්නේ, ව්‍යාකරණ විභාගවලදී ඉහළම ලකුණු ලබා ගන්නා අයට ,ඇතැම් විට ඔබ ද ඇතුළත් ව ඉංග්‍රීසි වචනයක් හෝ කතා කිරීමට නොහැකි බව .

එසේ නම් ව්‍යාකරණ ගැනීම කුමන ඵලයක් ලබා දී ඇද්ද ?.සංගීතය පිළිබඳව එහි ස්වර පස්ථාර ඉතා හොඳට ඉගෙන ගෙන තිබුණ ද අදාළ සංගීත භාණ්ඩයට සවන් දී හෝ භාවිතා කර නොමැති නම් ඔහුට සංගීත භාණ්ඩයක් වාදනය කළ හැකිද ?.

ව්‍යාකරණය යනු කුමක්ද?. ඉංග්‍රීසි භාෂාවේ සැකසීම ,එහි මූලධර්ම වේ.

ඉංග්‍රීසි වල ඇති කොටස් එකට එකතුවීම කෙසේද යන්න පිළිබඳව මූලික දළ අවබෝධයක් ලබා ගැනීම, කතා කිරීමට ප්‍රමාණවත්ය .

Ex-
ඔබ නාම පදයක් හා ක්‍රියා පදයක් දකී .
dogs run.

ඔබට මෙයට නාම විශේෂණයක් වන young ද ක්‍රියා විශේෂයක් වන quickly ද එකතු කර young dogs run quickly ලෙස ප්‍රකාශ කළ හැකිය. එවිට ඔබට අවශ්‍ය දේ ප්‍රකාශ කළ හැකිය
.
ඔබට මෙය අවශ්‍ය වන්නේ ඉංග්‍රීසියේ පවතින පදනම දැන ගැනීමට ය .භාවිතය තුළින් හොඳ ඉංග්‍රීසි කතා කථා කරන්නෙක් බවට පත්විය හැකි ය .

--------------------------------------------------------------------------------

Listen. 
සවන් දෙන්න .

ඔබ ඔබගේ මව් බස කුඩා දරුවෙකුව සිටියදී කතාකරන්නට පුරුදු වූයේ කෙසේද ? ඔබ ඔබේ වටපිටාව තුළ ඔබට ශ්‍රවණය වූ සියලුම වචන, වාක්‍ය ,සංවාද ,නිහඬව අසා සිටි අතර ,එක දවසක පළමු වචනය මුවින් පිටකරමින් පුදුම ලෙස කතා කිරීම ආරම්භ කළා.

පළමු වචනය ,ඉන්පසුව එය වාක්‍යයක් බවට පරිවර්තනය කළා.,ඉන්පසු ඔබ කතා කිරීම නවතා දැමුවේ නැහැ.

ඔබ සවන් දෙන විට ඔබ ඔබගේ මතක බැංකුව (memory bank )ඉංග්‍රීසි භාෂාවෙන් පුරවා ගන්නවා .ඔබ සවන් දෙන ඉංග්‍රීසි ඔබ උරාගන්නවා. ඒවා ඔබට නොදැනී මතකය තුළ තැන්පත් කරනවා .නැවත නැවත සවන් දෙන විට ඔබේ මතකය තවත් පරිණත වෙනවා.

මෙම තොරතුරු ඔබ ඉංග්‍රීසි කතා කතා කරන්න පටන් ගන්නා විට ස්වභාවිකව මුවින් පිට වේ .

ඉංග්‍රීසි වලට සවන් දීමෙන් ඔබට භාෂාව හඳුනාගැනීමට හැකියාව මනාව ලැබෙනවා. ශබ්ද වල, වචන වල හා උච්චාරණය අතර වෙනස්කම් .(the difference between sounds, words and pronunciations .)

ඔබ සවන් දීමේ විශිෂ්ටයකු වුවහොත් ඉංග්‍රීසි මව් බස ලෙස කතා කරන අයගේ ඉංග්‍රීසි වචන, ශබ්ද හා වාක්‍යාංශ පහසුවෙන් තේරුම් ගැනීමට හැකියාව ලැබේ.

නව භාෂාවක් ඉගෙන ගැනීමේදී ඔබ මූලිකවම කළ යුතු පළමු දෙය වන්නේ සවන්දීමයි .පළමුව ඔබගේ කතා කිරීමේ හැකියාව වර්ධනය කරයි .ඔබ පුදුම වනු ඇත. බොහෝ ඉංග්‍රීසි වලට සවන් දීමෙන් ඔබ කෙටි කලකින් චතුර ඉංග්‍රීසි කතා කරන්නකු බවට පත් වන බව .

අපගේ පළමු බස අප කතා කිරීමට ඉගෙන ගත්තේ කෙසේද ?ඔබ ළදරුවකු සිටියදී ඔබගේ දෙමාපියන් ඔබ අසල වාඩි වී ඔබගේ භාෂාවේ ව්‍යාකරණ පාඩම් කියා දුන්නා ද ?.ඔවුන් ඔබට කියවන්නට ලියන්නට බඩගාද්දි හුරු කළා ද?. නැත ඔවුන් කථා කළා පමණ පමණි.

ඔබ කුමක් ද කළේ .සවන්දීමයි. ඇතැම්විට ඔබ පහසුවෙනුත් ඉතා ඉතා අපහසුවෙන් ද ඒවා තේරුම් ගැනීමට උත්සාහ කළා. ඔබ ඒවායේ රටාව ,රිද්මය ,ගලා යෑම ,උස් පහත් වීම , සවන් දීම මගින් නිරායාසයෙන් ඉගෙන ගනු ලැබුවා.

වසර ගණනාවක් සවන් දීමෙන් පසු අවසානයේදී වසර දෙකකට පසු ඔබ කතා කිරීමට පටන් ගත්තා .සියලු දෙනාම පුදුමයට පත් කරමින් ඔබ එකවර ම වචන කතා කරන්න ගන්නවා .ඒ ඔබ කාලයක් සවන් දීමෙන් පසුවයි .භාෂාවේ එකදු අකුරක් නොදැන ඔබ සවන් දීමෙන් ඔබගේ භාෂාව වසර 5 වන විට සම්පූර්ණයෙන්ම කතා කිරීම ආරම්භ කළා .ඒ සවන්දීමෙන් පමණයි .

සවන් දීමේ මාර්ග..

01-listen to TV stations or programs .

02-watch English videos ,(it is much better to not here subtitles .

03-listen to English radio .you can do this anywhere in the world .

04-listen to songs .practice singing alone .

05-listen to recordings of books .

06-listen to conversion in coffee shop ,on the bus ,or anywhere .

07- when u hear a few English words ,repeating them to yourself .repeating them again and again .

--------------------------------------------------------------------------------

Have confidence
ආත්ම විශ්වාසය ලබා ගන්න.

ඔබ තුළ බිය , චකිතය ,ලැජ්ජාව තිබේ .එය සෑම ඉංග්‍රීසි කතා කරන්නේ තුළ පැවති දෙයකි. ඔබ ඉංග්‍රීසි කතා කිරීමේ දී වැරැදීම් සිදු කරයි කියා බියට පත් වේ .අන් අය සිනාසෙවී යන බිය ඇති වේ .මේ සියල්ල නවතා දමන්න .වැරදීම් වලින් තොරව ඉංග්‍රීසි භාෂාවට නිපුණ වූවන් ලොව කිසිවෙක් නැත .
ආත්ම විශ්වාසයෙන් ශක්තිමත් ව කියන්න .

" I can speak perfect English "

බොහෝ දෙනෙක් තුළ හැකියාවන් පවතී. නමුත් "ආත්ම විශ්වාසය" නොමැති නිසා ඔවුන් අවස්ථාවන් අහිමි කර ගනී .

කතා කරන අය බොහෝ වැරදීම් ( mistakes ) සිදු කරනු ලබන අතර ,එහෙත් ඔවුන් දිගටම කතා කරමින් යනවා .වැරදීම ගැන දුක් වීම සම්පූර්ණයෙන් නවතා දැමිය යුතුය .

"Open your mouth and try to speak "

කතා කරන පුද්ගලයා වෙත ඇසට ඇස (eye contact )තබා ගන්න .ඔහුගේ හෝ ඇයගේ ප්‍රතික්‍රියාවන් හඳුනාගත හැකි ය .

සම්පූර්ණ වන්න සිතා ව්‍යාකරණ භාවිත කිරීමට උත්සාහ නොකරන්න .

ඉංග්‍රීසි කතා කිරීමට ඔබට බල කරන්න .

නිවසේ කන්නාඩියක් ඉදිරිපිටට ගොස් තනිවම පුහුණු වන්න. දැඩිව විශ්වාසයෙන් පිරුණු පුද්ගලයකු ලෙස නැගිටින්න .

උච්චාරණයේ වැරදිම් ,වැරදි භාවිතා කිරීම් ආදිය ගැන දුක් වීම නවතා දමන්න .ඒවා ගණන් නොගෙන කතා කරන්න .

ඔබ කතා කරන පුද්ගලයා සමග eye contact තබාගන්න .ඔබ මනාව හඳුනා ගන්නවා, මුහුණේ ඉරියව් හා ඇතැම් වචන වලට මිනිසුන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න. ඉන් ඔබ හඳුනාගන්නවා ,මිනිසුන් ඔබට කතා කරන විට ඔබ ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්න .

ඔබ Eye contact තබාගෙන කතා කරන විට අනිත් පුද්ගලයා ඔබට ගොඩක් සැලකිලිමත් ව සවන් දේ . එවිට ඔබ පවසන දෙය වැරදිම් සහිතව වුවද ඔහු වටහා ගනී.

Everybody makes mistakes, when they are speaking .
නිතර ම කියන්න ,
I can
I will
I must
I believe .
. SAY........
No matter how difficult English is I will keep on learning .
No matter how bad my pronunciation is I will keep on improving .
No matter how many people give up ,I will keep on working hard .
No matter how terrible my meaning is I will keep on repeating .
No matter how many people laugh at me ,I will keep on practicing .
No matter how many mistakes I make I will keep on speaking .

--------------------------------------------------------------------------------

Think in English
ඉංග්‍රීසියෙන් හිතන්න


This is the biggest key to English fluency.

ඔබගේ භාෂාවෙන් සිතා ඉංග්‍රීසියට සිතින් පරිවර්තනය කිරීමට උත්සාහ නොකරන්න. මෙය ඉංග්‍රීසි කතා කිරීමේ දී ඔබව ඉතා අපහසුතාවයට පත් කරයි. ඇතැම් දේ ඔබගේ භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය එලෙසින්ම නොගැලපේ .සෑම විටම ඉගෙන ගත් phrases සමග ඉංග්‍රීසියෙන් සිතීමට පුරුදු වන්න .
මෙලෙස ඔබ ඉංග්‍රීසියෙන් සිතීම වෙලාවෙන් වෙලාවට නොකඩවා කරන්න. ඔබ ඇවිදින විට ,යමක් භාවිතා කරන විට ,යමක් .දකින විට, ඒ සියල්ල ඉංග්‍රීසියෙන් සිතන්න .මෙය ඔබට ඉන් පසුව පුරුද්දක් බවට පත්වෙයි.
මෙයින් ඔබ විශ්මජනක දෙයක් ළඟා කරගනී ඔබ ඉංග්‍රීසියෙන් සිතන දෙය එලෙසම ප්‍රකාශ .වේ ඉංග්‍රීසි කතා කිරීමට ඔබ උත්සහ කිරීම ඉන් පසු අවශ්‍ය නොවේ .ඔබ සිතන දේ පවසයි .මෙම පුහුණුව ඉංග්‍රීසි කතා කිරීම සඳහා ප්‍රමුඛම රහස වේ.

පිලිවෙල ...
01- පළමුව ඔබ දකින, භාවිතා කරන, භාණ්ඩ වල දේවල්වල ,සිද්ධි වල ,සෑම දෙයකම තනි වචන ඉංග්‍රීසියෙන් සිතන්න .(beginning to think with individual English words )
02-දෙවනුව ,ඔබ දකින දෑ ,සිදු කරන දෑ , ඉංග්‍රීසියෙන් සිතන්න .then ,progressing to thinking in English sentences .
,
03-තෙවනුව ,සංවාද මනසින් නිර්මාණය කරන්න .විශාල සාකච්ඡාවක් මනසින් ඉංග්‍රීසියෙන් ගොඩ නගන්න .ලැබෙන පිළිතුරු සිතන්න .finally ,imagine entire conversations and stories in your head in English .

--------------------------------------------------------------------------------

 Do mistakes
බොහෝ අය පවසන්නේ මම ගොඩක් වැරදි කරනවා ,මගේ උච්චාරණය හොඳ නැහැ (I make a lot of mistakes ,my pronunciation is not good .)

මතක තබාගන්න ,කතා කරන පුද්ගලයන්, විශේෂයෙන් උපතින්ම ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන පුද්ගලයන් පවා ,මෙම අඩුපාඩු ,වැරැදීම් සහිතව කතා කළ පුද්ගලයන් බව ,සියලු දෙනාම එසේමය. ඔබ වැරදි සිදු කරන්නේ ඔබ යමක් ඉගෙන ගනිමින් සිටින නිසයි .(you are making mistakes because your learning something )

ඉගෙන ගන්නා ක්‍රියාදාමයක ඉතාමත්ම වැදගත් කොටස වන්නේ වැරදීම් ය .

Ex--ඔබ ඔබගේ දරුවා හෝ ඥාතියකුගේ මිතුරෙකුගේ කුඩා බිලිඳෙක් බලාගෙන ඉන්න බව මවා ගන්න .ඔබ අවුරුදු එකක මේ කුඩා දරුවා බලා ගනිමින් ඉන්නවා. තවද ඔබ වාඩිවී සිටින විට දරුවා බඩගාගෙන විත් අසල කුඩා මේසෙට අත තබා නැගී සිටිනවා .

දරුවා සිනාසෙන අතර ඔබ ද දරුවාට සිනාසෙනවා .ඔබගේ සිනාවෙන් ඔහු ධෛර්යමත් වන අතර ඔහුට ඔබ වෙත එම ඉරියව්වෙන්ම එන්න අවශ්‍යයි .ඔහුට ඔබ අතින් ,එන ලෙස දිරිමත් කරනවා .

ඔහු මේසය අතහැර එක පියවරක් තබනවා .ඔබ අත්පුඩියක් ගසා ප්‍රීතියෙන් සිනාසෙනවා .දරුවා තව එක පියවරක් තබනවා. ඉන් පසුව දරුවා බිමට ඇද වැටෙනවා .

මෙහි දරුවාට වැරදුනා . බිම වැටුනා. ඔබ සිනාසෙනවා ද ?.තරවටු කරනවා ද?.බනිනවා ද ?. ඔබ පුදුමයට පත් වෙනවා.

දරුවා උත්සාහ කළා. සාර්ථක වී අඩි කිහිපයක් ඇවිද්දා . ඔහු ඉන්පසු දෛනිකව ඇවිදිමින් නැගී සිටීමට පටන් ගනී .

--------------------------------------------------------------------------------

You need to study phrases ,Idioms,and slang.
ඔබ ඉංග්‍රීසි භාෂාවේ පවතින වාක්‍ය ඛණ්ඩ, සාම්ප්‍රදායික යෙදුම් හා ව්‍යවහාරයන් ඉගෙන ගත යුතුය .


මේවා දිනපතා සංවාද වලදී ඉංග්‍රීසි කතා කරන්නන් විසින් නිතරම භාවිතා කරන වාක්‍ය හා වාක්‍ය ඛණ්ඩ වේ .

ඔබ මෙම වචන හා වාක්‍ය ඛණ්ඩ දන්නේ නම් ප්‍රයෝජනයක් නොමැති ඉංග්‍රීසි වචන දහස් ගණනක් දන්න අයට වඩා මනාව ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබා ගනී .

Ex.what's up .මෙහි වචන වල තේරුම මැන බැලීමට ගිය හොත් ඔබ වැරදිය.

මෙය how are you යන්නට සමාන වචන කණ්ඩයකි .

අප උපතින් ඉංග්‍රීසි කතා කරන පුද්ගලයන් කතා කරන විලාසය අසා තිබේද? ඔබට කිසිවක් තේරුම් ගැනීමට නොහැකි වන්නේ ඇයි? ඔවුන් භාවිතා කරන වචන ඔබ මීට පෙර අසා නොමැති නිසාය .( they were using words that you had never heard before )

ඔවුන් ඉංග්‍රීසි ඉගැන්වීම් පොත් වල හෝ ශබ්දකෝයේ දැක නොමැති වචන ,වාක්‍යාංශ භාවිතා කරයි .

ඔවුන් ඔබට තේරුම් ගැනීමට නොහැකි වාක්‍යාංශ phrases භාවිතා කරයි. නමුත් මේවා දිනපතා සංවාද වලදී භාවිතා වන පොදු වචන වේ .common words

මේවා මිනිසුන් සැබෑ ජීවිතයේ දී ( in real life) භාවිත කරන වචන වේ .

මේවා වචන සමුදායක එකතුවකි .ඒවා එකට භාවිතා කරන විට විශේෂිත අර්ථයක් ලබා දේ .

ඉංග්‍රීසි කතාකරන්නන් වාක්‍යාංශ වල ඇති තනි වචන වල තේරුම් ගැන නොසිතන අතර ඔවුන් එම සම්පූර්ණ වාක්‍යයම එකට ගත්විට තේරුම ගනී .

ඔබ වාක්‍ය වල ඇති තනි වචන වල තේරුම් සොයා අර්ථය වටහා ගැනීමට උත්සාහ කළහොත් වාක්‍යයේ අර්ථය පිළිබඳ ඔබ ව්‍යාකූල භාවයට පත්වේ . phrases ඉගෙන ගැනීම වඩා වැදගත් වන්නේ එම නිසාය.

වචන දහස් ඉගෙනගත්තද එකම වාක්‍යක් සෑදීමට ඔබට නො හැකිය. එහෙත් ඔබ phrases එකක් ඉගෙන ගැනීම තුලින් විශාල වාක්‍ය ගණනාවක් නිර්මාණය කිරීමට නිපුණයකු වේ .

--------------------------------------------------------------------------------

Speak slowly.
හෙමින් කතා කරන්න.

ඔබ උපතින්ම ඉංග්‍රීසි භාෂාව කතා කරන්නෙකු ලෙස වේගයෙන් (fast)කතා කිරීමට උත්සාහ කළහොත් ඔබගේ ශබ්දය පමණක් පිටවීම සිදුවේ.

වේගයෙන් කතා කිරීම තුළින් අනිත් පුද්ගලයාට ඔබව තේරුම් ගැනීමට අපහසු වේ. සෙමින් ඉංග්‍රීසි කතා කිරීමෙන් වාසි දෙකක් ඔබට හිමිවේ.

01 - ඔබට ඔබ මොනවා කතා කළ යුතුද? යන්න සිතීමට තව කාලයක් ලබා දෙයි.
(It gives you more time to think of what to say)

02- එය ඔබගේ කතාව පහසුවෙන්, පැහැදිලිව අනෙක් පුද්ගලයාට තේරුම් ගැනීමේ හැකියාව ඇති කරයි .( it make a your speech clearer so the other people can understand )

--------------------------------------------------------------------------------

Read and speak..
කියවීම කළ යුතු ආකාරය.

ඔබ කියවීම දෙපාරක් කළ යුතුයි .පළමු අවස්ථාව වන්නේ සෙමෙන් සෑම වචනයක්ම නිවැරැදිව උච්චාරණය කරමින් කියවන්න.

ඔබට උච්චාරණය කිරීමට අපහසු වචන රවුම් කරන්න. ඉන්පසුව එම රවුම් කල වචන පමණක් දස වතාවක් ශබ්ද නගා කියවන්න. මෙම අවස්ථාවේදී වේගයෙන් සහ ඔබ රවුම් කළ වචන කෙරෙහි අවධානයෙන් යුක්තව කියවන්න .සෑම වාක්‍යයයක් ම ස්වභාවික රිද්මයට ගලා යනු ඇත.

-------------------------------------------------------------------------------

Use simple language .
සරල භාෂාවක් භාවිතා කරන්න.


ඔබට ඉංග්‍රීසි ඉංග්‍රීසි කතා කිරීමට චකිතයක් පවතින්නේ ,ඔබ අමාරු ඉංග්‍රීසි වචන, වඩා උසස් ඉංග්‍රීසි වාක්‍ය භාවිතා කිරීමට උත්සාහ කිරීම හා එසේ අපහසු වීම නිසා ය .

ඉංග්‍රීසි කතා කිරීමට දැනට ඔබ සතුව ඇති සරල භාෂාව මනා ලෙස ප්‍රමාණවත් ය. මුල් අවදියේදී පහසු ලෙස, දිගු නොවන ,සරල වචන භාවිතයට හුරු වන්න .කෙටි ඡේද මනසින් සකසා ගන්න .

-------------------------------------------------------------------------------

Use the active verb .
කර්තෘ කාරක වාක්‍ය භාවිතා කරන්න .


ඉංග්‍රීසි කතා කිරීමේ දී කර්මකාරක වාක්‍ය passive voice භාවිතා කිරීමේ දී අසන්නාට යම් අපැහැදිලි තාවයක් ඇති වේ . එසේම එය ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්නාට ද යම් පීඩාවකි .ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සම්පූර්ණ බිය නැතිකර ගන්න. ඔබ කතෘ කාරක වාක්‍ය භාවිතා කරන්න.එය පමණක් භාවිතා කර ඔබට අවශ්‍ය දෙය ප්‍රකාශ කළ හැකිය .


-------------------------------------------------------------------------------

Prepare in advance
අවස්ථාවට සූදානම් වන්න.


ඔබ දුරකථනයෙන් හෝටලයකට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීමට අවශ්‍ය නම් ,ඊට පෙර හෝටලේට සම්බන්ධ වචන ,ඔබ ඇසිය යුතු දෑ ,ඔවුන් ඔබගෙන් ඇසිය හැකි දෑ විගසින් මනසේ මවා ගන්න . ඒ සම්බන්ධව වචන වලට ඔබගේ මනස සකසා ගන්න .

ඔබ වෙනත් තොරතුරක් ලබාගැනීමට කතා කරයි නම් යම් අයකුට ,යම් ආයතනයකට ,ඒ හා සම්බන්ධ වචන, වාක්‍ය මනසට ඇතුළු කරගෙන සකසා ගන්න.

ඔබ පෞද්ගලික රෝහලකට කතා කරයි නම් ඒ හා සම්බන්ධ වචන වලට ඔබගේ මනස සකසා ගන්න .මෙය මුල් කාලීනව මනා වූ විශ්වාසයෙන් ඉංග්‍රීසි කතා කිරීමට කදිම උපක්‍රමයකි .අවම අඩුපාඩු සහිතව ඔබ විශ්වාසයෙන් කතා කිරිමේ අවස්ථාවට ළඟා වේ .

Before you call a hotel to book a room .

- Prepare what you want to say.

- Think about the questions that the other person will ask and prepare for them.

-------------------------------------------------------------------------------

record yourself speaking .
ඔබගේ කතා කිරීම ඔබම පටිගත කරන්න .

මෙම පටිගත කිරීමේ අවස්ථාව ඔබට ඔබගේ ජංගම දුරකථනය මගින් හෝ රෙකෝඩරයක් මගින් කළ හැකිය .ඔබ ගේ කටහඬින් ඔබ විවිධ පාඩම් වාක්‍ය ඛණ්ඩ ,වචන හෝ ඕනෑම ඉංග්‍රීසි ලිපියක් ,සංවාදයක් පටිගත කරන්න .

ඒවාට නැවත සවන් දෙන්න .ඔබගේ ඉංග්‍රීසි කතා කිරීමේ පවතින අඩුපාඩු ශබ්ද වීමේ පවතින දෝෂ උච්චාරණය වීමේ දෝෂ සහ ඔබගේ හැකියාවන් මනා ලෙස ඔබට අසා ගැනීමට ලැබෙන අවස්ථාවකි.

මෙය මනා ලෙස ඉංග්‍රීසි කතා කිරීම සඳහා ඔබට ශක්තිය දෙන ක්‍රමයකි රහසකි .hands free භාවිතා කිරීමෙන් ඔබට මෙය අන් අයට නොඇසෙන ලෙස නැවත නැවත ඇසීම කළ හැකිය .

-------------------------------------------------------------------------------

Take responsibility
වගකීම භාර ගන්න .

අපි බොහෝ විට පවසන්නේ ඔහුට ඉංග්‍රීසි පුළුවන් .නමුත් ඔහු ඉපදුනේ ඇමරිකාවේ. ඉතින් ඔහුට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. නමුත් ඔහු ගියේ හොඳම පාසලකට හා හොඳම ගුරුවරුන් ඔහුට ඉගැන්වූයේ.

මේ අපගේ ළඟාවීමට අප විසින් බාධක හේතු සාදා ගැනීමයි .අප විසින් මේ ආකාරයෙන් අනිත් මිනිසුන්ට ,පාසලට ,ගුරුවරුන්ට, දොස් කියමින් සිටී . සමාවට කරුණු සොයා ගැනීම පරාජයට මාර්ගයක් විවෘත කර ගැනීමත් යන්න මතක තබා ගත යුතුය .(make excuses is to open the path to failure )

ඔබ ඔබගේ වගකීම මේ දැන්ම භාරගන්න .ඔබගේ දෛවයේ ඉරනම්" මාස්ටර් "ඔබම වේ
අන් කිසිවකු ඒ දෙය ඔබ වෙනුවෙන් ඉටු නොකරයි. දැන් තීරණය කරන්න .එය ඉටු වන්නට ඉඩ හරින්න .වගකීම බාරගන්න .
(You are the master of your destiny .only you can determine how good you wish to become )

-------------------------------------------------------------------------------

See yourself in the future ..
ඔබ අනාගතේ සිටින තැන සිතින් දකින්න .


.
ඔබගේ ඇස් වසා ගන්න. ඔබ අනාගතයේ සිටින ආකාරය සිතින් දකින්න .ඔබ ඉංග්‍රීසි වලින් චතුර පුද්ගලයෙක් .ඔබට දකින්න පුලුවන් කාටද කතා කරන්නේ කියලා.

ඇමෙරිකාවේ ජනාධිපතිවරයා සමඟ ඔබගේ සමාගමේ සභාපති සමඟ ,අගවිනිසුරු සමග ,බිල් ගේට්ස් සමග ,ඔබ සිනාසෙමින් විහිළු කරමින් කතා කරනවා .

ඔබ කියන සෑම දෙය ම ඔවුන්ට තේරෙනවා .ඔවුන් කියන සෑම දේම ඔබට තේරෙනවා .ඔබ ඉංග්‍රීසියෙන් චතුර ලෙස කතා කරනවා .

කණ්ණාඩිය දෙසට ගොස් ඔබ දෙස බලන්න. ඒ ඔබයි .මේ චිත්‍රය ඔබගේ මනසේ තබා ගන්න .මේ ඔබ ගේ අලුත් ඉලක්කයයි .සෑම දිනකම එම සිහිනය ඉෂ්ට වන තුරු වැඩ කරන්න

.(look at the mirror .this is you .keep this image in mind .this is your new goal .work everyday to make it come true .)

-------------------------------------------------------------------------------

Don't mind what other people think ..
අනිත් පුද්ගලයන් සිතන දේ ගණන් ගන්න එපා .


ඇතැම් අය සිතනවා , ඔවුන් ඉංග්‍රීසි කතා කළ යුතු නැති බව ,අනිත් අය තමා ගැන සෝබනය පෙන්වීමට උත්සාහ කරන්නෙක් ලෙස සිතයි යන මතය නිසා .(show off).

ඇත්තටම මෙලෙස මිනිසුන් සිතනවා .ඒ ඔවුන් තුළ පවතින ඉරිසියාව නිසා .ඔවුන් ඔබව සෝබන කාරයකු ලෙස විවේචනය කළ ද, ඔවුන්ගේ හද ගැඹුරින් ම ඔබට ගරු කරනවා. සහ ඔවුන්ට අවශ්‍යයි ඔබ වැනි ලෙස ඉංග්‍රීසි කතා කරන්න .

(Secretly deep down they respect you for speaking English and they want to become like you themselves ).

ඔබගේ ඉංග්‍රීසි හැකියාව සගවන්න එපා .එය එළියට ගන්න ( don't hide your lantern under a bush .)
ඔබට අවස්ථාවක් ලද වහාම ඉංග්‍රීසි භාවිතා කරන්න . මෙය ඔබේ ජීවිතයේ ඔබ තනිවම තීරණය කළ යුතුයි .කොහොමද? කොහේද ? ඔබ ඉංග්‍රීසි කතා කළ යුත්තේ යන්න. අනිත් පුද්ගලයන් දෙස බලා ඔබගේ සාර්ථකත්වයට නතරවීමට ඉඩ නොදෙන්න .

ඔබගේ ඉංග්‍රීසි හැකියාව වර්ධනය වීම තුළ ඔබට ගරු කිරීමට ,ඔබ වෙත ලඟා වීමට ඔවුන් බලා සිටී සිටි .අනිත් මිනිසුන් කුමක් සිතුව ද ඉන් පලක් නැත .තමාගේ ළඟා වීම පමණක් කීර්තියක් අත්කර දේ .

-------------------------------------------------------------------------------
READING.
නිතර ම කියවන්න (Read often )

ඔබ විසින් ඉගෙන ගන්න ලද වචන(vocabulary )භාවිතය ,අත්දැකීම ඔබට ඇති වන්නේ කියවීම තුළිනි . ඔබ ඉගෙන ගන්නා වචන විවිධ ස්ථානවල යොදන අයුරු, සමානම භාවිතා වන අයුරු ,ඔබට මනාව අවබෝධ කරගැනීමට හැකි වන්නේ කියවීම තුළිනි.ඔබ විසින්ම වචන සියයක් පාඩම් කළ පසු ,එය භාවිතය ඇසින් දකින තුරු හෝ කනට ඇසෙන භාවිතා කිරීමට ඔබ තුළ බියක් පවතී.

කියවීම තුළින් ඔබ ඉගෙනගත් වචන වල ගැඹුරු භාවිතයත් ,අවබෝධයක් ,ඔබට ලැබේ. විශ්වාසය වර්ධනය වේ .

Ex-ඔබ කතාන්තරයක් කියවන විට ඔබ ඉගෙන ගෙන තිබූ වචනය "shout "(කෑ ගසනවා ) යන වචනය දැන් ඔබට භාවිතය තුළ අත්විඳිය හැකි ය .

01-He shouted loudly ,it hurt her ears .

02-don't shout so loud, you'll wake the baby .

ඉතා වැදගත් කරුණක් වන්නේ ,ඔබ කියවමින් සිටින විටදී ඔබ ශබ්දකෝෂය භාවිතා කිරිමෙන් වලකින්න .ඔබට එය පසුව බැලිය හැකිය .ඔබගේ කියවාගෙන යාම තුළම ශබ්ද කෝෂය බැලීම සඳහා ගත කළ යුතු විට, ඔබ කියවා ගෙන යන ස්වභාවික රිත්මය කැඩීමට ලක් වේ .(If you stop to see the Dictionary ,it breaks the natural rhythm of your reading .)

How to read.(Tips).

01- read without a dictionary .

02-When reading ,practice either guessing at the meaning of unknown words or ignoring them.

03-Don't worry about little detail .keep reading even if it seems little bit hard(but no too hard)
Try to get the overall meaning .

04-Read quality ,by maintaining a natural rhythm and flow ,you will lrarn to "inter"or "guess" meaning .

05- Read aloud -to children to friends or just to yourself (This will improve your pronunciation as well)

06- If book just too boring too hard -stop reading find another book .

07- read without stress - get a cup of tea or coffee and relax .

ඔබ කියවිය යුත්තේ මොනවා ද ?.

- සියල්ලම හා සෑම දේම කියවන්න.

- ඔබගේ ඉංග්‍රීසි දැනුම මට්ටම අනුව ඔබට පහසු යැයි සිතන දේ කියවන්න .(Read books,magazines ,newspapers ,try internet ,emails ,texts ,bus schedules,travel brochures ,novels,cook books.)
- තොරතුරු ලබා ගැනීම සඳහා කියවන්න .
(Read for information )

- සතුට සඳහා කියවන්න .(Read for pleasure) ආදර කතා ,විද්‍යා ප්‍රබන්ධ ,සුරංගනා කතා රහස් පරීක්ෂක කතා .

- ඔබ කැමති මාතෘකා තෝරා ගෙන කියවන්න .(Read about topics that interested you .)

- ඔබගේ දැනුම ,හැකියාව ,අනුව කියවීම් තෝරාගන්න. දැනුම ලබා ගන්නා ප්‍රමාණය අනුව තෝරා ගෙන කියවන්න .
(Choose something based on your ability . For instance -- if you are at the per- intermediate level ,don't try reading a long difficult novel .)

-------------------------------------------------------------------------------

මේ ලිපිය ප්‍රයෝජනවත් කියල හිතෙනවනම් යාලුවන්ටත් බලන්න share කරන්න.

Comments