ඉංග්‍රීසි ගොඩදාගන්න ලේසිම ක්‍රම පහක්
ගොඩක් දෙනා ඉංග්‍රීසි කියන්නෙ භයානක
යකෙක් කියලා වගේ තමයි හිතාගෙන ඉන්නෙ. මොකද ඒ තරම් ඉංග්‍රීසි ඉගන ගන්න බයයි.
ඉස්කෝලෙදිත් ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරපු අයත් මේ ලිපිය කියවනවා ඇතිනෙ.
කොහොම උනත් අද අපි ඔයාට කියලා දෙන්න යන්නෙ ඉංග්‍රීසි ඉගන ගන්න ඔයාට
ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල් පහක් ගැන.
කොහොමද අනේ මේවා තේරුම් ගන්නෙ..?
ඉංග්‍රීසි පොතක් අරගෙන කියවන්න ගියාම ඉතිං
මරු කතරක අතරමං උනා වගේ නේද..? බයවෙන්න එපා කොහොම හරි අකුරු ගලප ගලප හරි
කියවන්න පුරුදු වෙන්න. දැන් ඉතිං කියෙවුවා වගේ නෙමෙයි නෙ. පොතේ තියන දේවල්
වල සිංහල තේරුම දන්නෙ නෑනෙ.ඒකටත් විසඳුමක් කියලා දෙන්නම්. ඔයා ඉංග්‍රීසි
පොතක් අරගෙන කියවන ගමන් දන්නෙ නැති වචන යටින් ඉරක් අඳින්න. ඊට පස්සෙ
ඩික්ෂනරියක් අරගෙන ඒ වචන වල තේරුම හොයන්න. එතකොට ඔයාට අලුත් ඉංග්‍රීසි වචන
දැනගන්න පුළුවන් නිසා ඉක්මනටම ඉංග්‍රිසි කතා කරන්නත් පුළුවන් වෙනවා.
මොබයිල් එකෙනුත් උදවුවක් ගනිමු.
අද කාලෙ හැම කෙනෙක්ගෙ ළඟම වගේ තියෙන්නෙ
ස්මාට් ජංගම දුරකතන. ඉතිං අපේ ඉංග්‍රීසි දැනුම වැඩිකරගන්න උදවු වෙන දුරකතන
යෙදවුම් ගොඩක් අපේ දුරකතන වලට ඇතුලත් කර ගන්න පුළුවන්. භාෂා උච්චාරණය
පුරුදුවෙන ඇප්ස්, එතකොට ඩික්ෂණරි වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ ගැන ඉතිං අපි
අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඔයා මේ දේවල් වලිනුත් උපරිම ප්‍රයෝජන ගන්නවනම්
ඔයාගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් වැඩිදියුණු කර ගන්න පුළුවන්. ඒ වගේ වටින ඇප්ස්
ගොඩක් ඔයාට මෙතනින් ගන්න පුළුවන්.
ඉංග්‍රීසි පත්තරත් බලමු නේද..?
ඉංග්‍රිසි පත්තර තියෙන්නෙ කෑම පාර්සල්
ඔතන්නනම් නෙවෙයි කියලා මුලින්ම කියන්න ඕන. මොකද ගොඩක් දෙනා ආසාවටවත්
ඉංග්‍රීසි පත්තරයක් දිහා බලන්නෙ නෑනෙ. ලෝකයේ ගොඩක් දැනුම දෙන පොත් පත්,
පත්තර ලියවිලා තියෙන්නෙ ඉග්‍රීසි භාෂාවෙන්. ඒ නිසා ඒ දැනුම ඔබේ ජීවිතයට
එකතුකර ගන්න අනිවාර්යෙන්ම ඉංග්‍රීසි පත්තර කියවන්න පුරුදු වෙන්න. දන්නෙ
නැති වචන හොයා ගන්න ඩික්ෂනරියක් පාචිච්චි කරන්න.
English Films බලන්න
Films බලන එකට නම් ගොඩාක් දෙනෙක් කැමතියිනේ.අලුතෙන් ෆිල්ම් එකක් ආව ගමන් අපි අහන්නේ"සබ් තියෙනවද? " කියලා.මොකද සබ් ටයිටල් එක්ක ෆිල්ම් එකක් බලන්න තමයි අපේ ගොඩක් දෙනෙක් පුරුදුවෙලා ඉන්නේ.ඒත් සබ් ටයිටල් හෙවත් සිංහල උපසිරැසි නැතිව,දෙබස් වලින්ම චිත්‍රපටිය තේරුම් ගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.ඒ නිසා අද ඉඳලා Film එකක් බලද්දි සබ් ටයිටල් තිබුනත් ඒ ගැන අමතක කරලා ෆිල්ම් එක බලන්න.අඩුම තරමේ Film එක ඉවරවෙද්දි ඉංග්‍රීසි වචන හතරක් පහක්වත් අලුත්න් ඉගෙන ගෙන තියේවිනේ.
බය නැතිව කතා කරන්න
ගොඩක් දෙනාට ඉංග්‍රීසි කතා කරන්න බැරි කතා
කරන්න තියෙන බය නිසාමයි. මොකද අපි ඉපදෙන කොට කිසිම දෙයක් දැනගෙන හිටියෙ
නැහැනෙ. හැබැයි අපි පුංච් කාලෙ ඉඳලම සිංහල කතා කරපු නිසා අපි හොඳට සිංහල
කතා කරනවා. ඒ වගේම තමයි කවුරු හරි පිට රටක ගිහිල්ලා අවුරුදු දෙක තුනක් ඉඳලා
එනකොට එයාලා හොඳට ඒ රටේ භාෂාව කතා කරනවා. ඒ නිසා අද ඉඳලම බය නැතිව පුළුවන්
විදියට ඉංග්‍රීසි කතා කරන්න.
Comments
Post a Comment