ඔබ බයිසිකල් පැදීමට ඉගෙන ගත් හැටි ඔබට මතකද?
ඔබ මූලික බයිසිකල් පැදීමේ පාඨමාලාවක් හදාරා ඉන් පසු න්‍යායාත්මකව බයිසිකල් පැදීමේ පොත් කට්ටලය මගින් විශේෂ දැනුමක් ලබාගෙන ඉන් පසුව බයිසිකල් බැදීමේ පුහුණු කඳවුරකට සහභාගී වූ vටි? උදෑසනම අවදි වී බයිසිකල් පැදීමේ නීති රීති පාඩම් කල හැටි? විශාල මුදලක් වියදම් කර ටියුෂන් පංති තුන හතරකට සහභාගී වී අවසානයේ ගෙදරටත් ටියුෂන් මාස්ටර් කෙනෙකු ගෙන්වාගෙන ඉගෙන ගත් සැටි? බයිසිකල් පැදීමේ ඩිප්ලෝමාව, උපාධිය, පස්චාත් උපාධි පාඨමාලාව තව.........!!!
නැත......... ඔබ මේ කිසිවක් කලේ නැත...
ඔබ කලේ සමහරවිට ඔබේ මව පියා එපා කියද්දී ඔබ විශාල බයිසිකලයක් මත නැගී වැටි වැටී බයිසිකල් පැදීමයි. එසේ ඉගෙන ගත් ඔබට අද බයිසිකලය මත හිටගෙන යාමටත් පුළුවන් වන්නට ඉඩ ඇත.
ඔබ ඕනෑම භාෂාවක් ඉගෙන ගැනීමට භාවිතා කළ යුත්තේද මෙම ක්‍රමවේදයියි. ඔබ වැටි වැටී බයිසිකල් පැදීමේ යෙදී සිටි ආකරයටම ඔබ නව භාෂාවක් ඉගෙනීමේ දී ද වැරදි ගැන නොසලකමින් එම භාෂාව භාවිතා කල යුතුය. භාෂාවක ව්‍යාකරන නීති රීති කටපාඩම් කිරීම ඇත්ත වශයෙන්ම ඵල රහිතය.
ඔබ ඉගෙන ගැනීමට සූදානම් වන නව භාෂාව වැරදි ගැන නොසලකා භාවිතා කරන්න. සවන්දෙන්න, කතා කරන්න, කියවන්න, ලියන්න....
නැති දේ ගැන නොසිතන්න දැන් සිටින තැනින් පටන් ගන්න...
මේ ලිපිය ප්‍රයෝජනවත් කියල හිතෙනවනම් යාලුවන්ටත් බලන්න share කරන්න.
Comments
Post a Comment