ඔබේ ඉංග්‍රීසි කතා කරන සිහිනය සැබෑ කරන සරල ක්‍රම 10ක්
ඔබේ ඉංග්‍රීසි කතා කරන සිහිනය සැබෑ කරන සරල ක්‍රම 10ක්
අපේ රටේ බොහෝ දෙනෙක්ට ඉංග්‍රීසියෙන් ලියන්න කියන්න පුළුවන් වුණත් කතා කරන්න පුළුවන් ටික දෙනෙක්ට විතරයි. එකට හේතුව ගොඩක් දෙනෙක් ඉංග්‍රීසියෙන් කතා කරන්න බයයි. අකුරු සහ වචන ලියන්න පුළුවන් වුණත් ඒවා කියන්නේ කොහොමද කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒ වගේම ඉංග්‍රීසි කතා කරද්දී වැරදෙද්දී අනිත් අය හිනා වෙයි කියලා ලැජ්ජාවක් ඇති කරගන්නවා. මේ හින්දා ඉංග්‍රීසි කතා කරන්න කට්ටිය පහු බහිනවා. මඟ තොටේ යද්දී පත්තරයක් අරන් බැලුවත් හතු පිපෙනවා වගේ “Spoken English Classes”, එහෙම නැත්තම් ඉංග්‍රීසි කතා කිරීමේ පන්ති හැමතැනම අපි දකිනවා. එත් මේ පන්ති වලට ගිහින් විතරක් ඉංග්‍රීසි හොඳින් කතා කරන්න පුළුවන් වෙච්ච අය ගැන අපි වැඩිය අහල නැහැ. මොකද ඉංග්‍රීසි කතාව කියන්නේ සති කිහිපයක පන්තියකට ගිහින් වෙන එක්කෙනෙක් කියලා දෙන දේ අහගෙන සටහන් අරගෙන පුරුදු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනිත් අයත් එක් අනිත් එක රැකියාවේ හෝ ඉගෙනීම් කටයුතුත් එක්ක තියෙන කාර්යබහුලත්වය එක්ක මේ පන්ති වලට යන්න ගොඩක් දෙන්නෙක්ට වෙලාවක් නැහැ.
කණ්නාඩියක් ඉස්සරහට ගිහින් තනියෙම ඉංග්‍රීසියෙන් කතා කරන්න
විනාඩි දෙක තුනක් අරන් ඔයාගේ හිතට එන ඕනෙම දෙයක් ගැන පුළුවන් විදිහට කතා කරන්න. ඔයාට වැරදුනත් හිනා වෙන්න කවුරුවත් නැති නිසා බය වෙන්න දෙයක් නැහැ. මොකක් හරි අදහසක් කියාගෙන යද්දී වචන දන්නේ නැතුව මඟදී හිර වෙනවා වගේ හිතෙනවා නම් එක වෙන විදිහකින් කියන්න උත්සාහ කරන්න. කණ්නාඩියක් ඉස්සරහ කතා කරන එකේ වැදගත්කම තමයි ඔයාට හැඟීමක් එනවා ඔයා තව එක්කනෙක් එක්ක කතා කරනවා වගේ. එත් එක්කම කතා කරද්දී ඔයාගේ මුහුණ, කට, ශරීරය හැසිරෙන විදිහත් ඔයාටම බලාගන්න පුළුවන්. මේ විදිහට දවසට දෙතුන් වතාවක් කළොත් මේක ඔයාගේ දින චර්යාවේ අංගයක් වෙලා ඔයාටත් නොදැනීම ඔයාගේ ඉංග්‍රීසි කතාව දියුණු වේවි.
ඔයාගේ ඉංග්‍රීසි කතාව පටිගත කරලා නැවත අහන්නමේක පළවෙනි පාර දැක්ක ගමන් ටිකක් ඒ වැඩේ නුහුරුයි වගේ හිතෙනවා නේද? එත් විශේෂඥයින්ට අනුව ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්න මේ තමයි හොඳම විදිහ. ඔයාට පුළුවන් මේ ස්මාර්ට් ෆෝන් වලින් ඔයා ඉංග්‍රීසි කතා කරද්දී පටිගත කරගන්න. රූපවාහිනියේ හරි අන්තර්ජාලයේ හරි දකින ඉංග්‍රීසි වැඩසටහන් වල වාක්‍ය පුළුවන් විදිහට කියන්න උත්සාහ කරන්න. ඊළඟට පටිගත කරපු එක ඔයාම නැවත අහලා මුල් වාක්‍යයේ විදිහට හරි යනකම් නැවත නැවත උත්සාහ කරන්න. මේ ක්‍රමයේ තවත් වාසියක් තමයි ඔයාට මඟ තොටේ යන ගමන් වුණත් ඉයර් ෆෝන් දෙකක් යොදාගෙන නැවත නැවත අසමින් පුරුදු වීමට පුළුවන් වෙන එක.
ඉංග්‍රීසි උපසිරැසි එක්ක ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න
අපි අසාවෙන් නරඹන ඉංග්‍රීසි චිත්‍රපටත් ඉංග්‍රීසි කතාව පුරුදු වෙන්න උදව්වක් කරගන්න පුළුවන්. ඒකට ඔයා කරන්න ඕනේ ඉංග්‍රීසි උපසිරැසි එක්ක ඉංග්‍රීසි චිත්‍රපටි බලන එක. එතකොට ඔයාට පුළුවන් වෙනවා ඒ චිත්‍රපටි වල නළු නිළියෝ කියන දෙබස් හොඳින් තේරුම් ගන්න. උපසිරැසි එක්ක බලන නිසා ඔවුන්ගේ උච්චාරණය තේරුණේ නැති උනත් ඒවා අල්ලගන්න පුළුවන්. එහෙමත් නැත්තම් උපසිරැසි වල තියෙන දන්නේ නැති වචන කියන හැටි ඉගෙන ගන්නත් පුළුවන්. ඔයාට පුළුවන් වැදගත් කියලා හිතෙන වාක්‍ය, සංවාද කොළයක ලියාගෙන ඒවා පසුව මතක් කරගන්නත්. චිත්‍රපටි වල ගොඩක් වෙලාවට එදිනෙදා ජීවිතයේදී භාවිතා වන සංවාද තියෙන නිසා ඉංග්‍රීසි ඉගෙන කතාව ඉගෙන ගන්නා හොඳ ක්‍රමයක්. www.opensubstitles.org කියන වෙබ් අඩවියෙන් නොමිලේ ඉංග්‍රීසි උපසිරැසි ලබාගන්න පුළුවන්.ඉංග්‍රීසි සිංදු අහන ගමන් ඒවා ගායනය කරන්න
අපි අසාවෙන් රසවිඳින ඉංග්‍රීසි ගීතවලින් ඉංග්‍රීසි කතාව පුරුදු වෙන්නේ මෙහෙමයි. සිංදුවත් වාදනය වෙනවාත් එක්කම හයියෙන් ඔයත් ගායනය කරන්න. සිංදුවේ වචන දන්නේ නැතිනම් අන්තර්ජාලයෙන් හොයාගෙන ඒ දිහා බලාගෙන ගායනය කරන්න. කැරෝකේ වීඩියෝ දිහා බලාගෙන ගෙන ගායනා කිරීමත් තව විදිහක්. වාහනයක ගමන් කරද්දී වුණත් ඔයාට මේ ඉංග්‍රීසි ගීත අහන එක කරන්න පුළුවන්.
මඟ තොටේ දකින ඉංග්‍රීසි වචන කියන්න උත්සාහ කරන්න
ඔයා පාරේ යද්දී දකින විවිධ දැන්වීම්/නාම පුවරු වල හරි අළුත් තැනකට ගියාම දන්නේ නැති අළුත් ඉංග්‍රීසි වචන තිබෙනවා නම් ඒවා කියන්න උත්සාහ කරන්න. එකෙන් එදිනෙදා ජීවිතයේදී භාවිතාවෙන වගේම දන්නේ නැති අළුත් වචන ඉංග්‍රීසියෙන් කියන්න ඔයාට පුළුවන් වෙනවා. එකෙන් ඉංග්‍රීසි කියන්නේ ඔයාගේ ජීවිතයට සමීප දෙයක් බවට පත් වෙනවා. කියන විදිහ හරියට හිතාගන්න අමාරුයි නම් ඔයාට පුළුවන් ඒ වචන ෆෝන් එකේ ලියාගෙන ඇවිත් හරියට කියන විදිහ අන්තර්ජාලයෙන් හොයාගෙන පුරුදු වෙන්න.එදිනෙදා කතාබහ ඉංග්‍රීසියෙන් කතාකරන විදිහ පුරුදු වෙන්න
සාමාන්‍ය ජීවිතයේදී අපි සිංහලෙන් කතාබහ කරන විදිහ ඉංග්‍රීසියෙනුත් කතා කරන්න ඉගෙන ගන්න. කඩයකින් බඩුවක් මිලදී ගන්න ගියාම, අවන්හලකට කෑම ගන්න ගියාම, සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන විට, කාර්යාලයේදී ප්‍රධානියා සමඟ සිදුවන සංවාද යාළුවෙක් මුණ ගැසුණාම, සංචාරකයෙකුට පාර පෙන්නන විදිහ ආදී එදිනෙදා ජීවිතේ සිදුවීම් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන විදිහ පුරුදු වෙන්න. ඒ අවස්ථාවේදී කතාවෙන දේවල් ඉංග්‍රීසි වාක්‍ය වලින් පුහුණු වෙලා මතක තියාගන්න. එතකොට ඇත්ත ජීවිතේදී ඒ වගේ වේලාවකදී ඉංග්‍රීසියෙන් කතා කරන්න සිද්ධ වුණොත් බය වෙන්න ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. මොකද ඔයා ඒ අවස්ථාවට මුහුණ දෙන්න කලින්ම සූදානම් වෙලා ඉන්න නිසා.හොඳට ඉංග්‍රීසි පුළුවන් අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න
හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් යාළුවො ඔයා අඳුරනවා ඇති. එහෙමත් නැත්තම් ඔයාගේ කාර්යාලයේ, ඉගෙන ගන්නා තැන ඒ වගේ අය හමු වෙනවා ඇති. ඉංග්‍රීසි හොඳට පුළුවන් අයත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරන්න. ඔයා ඉංග්‍රීසි හොඳට කතා කරන්න උත්සාහ කරනවා කිව්වොත් එයාලා ඔයාට තවත් උදව් කරයි වගේම හොඳට කතා කරයි. එහෙම උදව් ඉලන්න ලැජ්ජා වෙන්න එපා. මොකද ඉංග්‍රීසි අපේ මව් බස නෙමෙයිනේ. වැඩියෙන් කතා කරන්න කරන්න තමයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ. පොඩි කාලේ අපි සිංහල කතා කරන්න පුරුදු’ වුණෙත් වැරදි වැරදි අපේ වැඩිහිටියෝ එක්ක කතා කරලානේ. ඒ නිසා දුරකතනයෙන් හරි හැකි හැම අවස්ථාවකම ඔයාට වඩා ඉංග්‍රීසි පුළුවන් අය එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරන්න.ව්‍යාකරණ ගැන හිතන්නේ නැතුව කතා කරන්න
ඉංග්‍රීසි ව්‍යාකරණ ගැන මතක් වෙද්දී ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන අය ටිකක් බය වෙනවා. මොකද ඉංග්‍රීසි ව්‍යාකරණ ටිකක් අමාරුයි කියලා අපි අතරේ මතයක් තියෙන නිසා. ඔයාට ඕනේ ඉංග්‍රීසි කතාව වැඩි දියුණු කරගන්න, ඒ නිසා මේ මොහොතේ ව්‍යාකරණ ගැන වද වෙන්න එපා. ව්‍යාකරණ නෙමෙයි කතාවේ දක්ෂ බවයි වැදගත් වෙන්නේ. ගොත ගහන්නේ, ලැජ්ජා වෙන්නේ, බය වෙන්නේ, නවත්තන්නේ නැතුව කතා කිරීමයි වැදගත්. කතාවෙන් දක්ෂ වුණාම ඉබේම ලේසියෙන්ම ඉංග්‍රීසි ව්‍යාකරණ හදාගන්න පුළුවන් වෙනවා.ඉංග්‍රීසියෙන් හිතන ගමන් තමන්ටම කතා කරන්න
ගොඩක් දෙනෙක්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න අමාරු වෙන්නේ එයාලා ඉස්සෙල්ලම සිංහලෙන් හිතලා ඊළඟට ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න යන නිසා. එතකොට කතාව ප්‍රමාද වෙනවා වගේම අනිත් අයට තේරෙනවා ඔයා අමාරුවෙන් හිත හිතා කතා කරනවා කියලා. අපි හිතන්නේ සිංහලෙන් නිසා ඕනෑම දෙයක් සිංහලෙන් කියන්න අපිට ලේසියි. ඒ නිසා ඔයාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නම් ටිකෙන් ටික ඉංග්‍රීසියෙන් හිතන්න පටන් ගන්න. මුලින් ටිකක් අමාරුයි කියලා හිතුණත් ටිකක් කල් යද්දී ඔයාට ඒකට පුරුදු වේවි. ඒ වගේම තමන් එක්කම ඉංග්‍රීසියෙන් කතා කරන්න. තව කෙනෙක් එක්ක කතා කරනවාට වඩා ඒක ලේසියි. අනික් අතට කාටවත් ඔයා කියන දෙය ඇහෙන්නේ නැති නිසා වරදියි කියලා ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. ඉංග්‍රීසි කතා කරන්න ආත්ම විශ්වාසය වඩවන්න මේක ඉතා හොඳ ක්‍රමයක්.ඉපදෙනකොට කිසිම භාෂාවක් දැනගෙන හිටියේ නැති අපි අද හොඳට සිංහල කතා කරන්නේ. ඒ වගේම ඉංග්‍රීසි කතා කරන්න පුරුදු වෙන්නත් අපිට පුළුවන්. ඉංග්‍රීසි කතාවත් හරියට ක්‍රීඩාවක් වගේ. හුසේන් බෝල්ට් මීටර් 100 තරඟයේ ලෝක වාර්තාව පිහිටුවන්න කොච්චර නම් පුහුණු වීම් කරන්න ඇති ද? ඒ වගේම තමයි වැඩි වැඩියෙන් පුරුදු වෙන්න පුහුණු වෙන්න තමයි ඔයාටත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ. මේ ක්‍රම 10 පාවිච්චි කරොත් ඉංග්‍රීසි කතා කිරීම වැඩි දියුණු කර ගන්න ඔයාගේ තියෙන හීනයට යන ගමනට ලොකු උදව්වක් වේවි.
මේ ලිපිය ප්‍රයෝජනවත් කියල හිතෙනවනම් යාලුවන්ටත් බලන්න share කරන්න
Comments
Post a Comment