නත්තල් කාලෙට එළිබහින ලොවක් වසඟයට ගත් ඉංග්‍රීසි ගීත
නත්තල් කාලේ කියන්නේ කිසිම භේදයකින් තොරව ලෝකවාසී හැම දෙනාම සතුටින් ඉන්න කාලයක්. ඔය සතුට වැඩිකරවන එක අංශයක් තමයි නත්තල් ගීත. ඒවයේ සංගීතය, වචන වගේම ජවයකින් යුතුව ගායනා කරන විදිය ඇහුණාම ඕනෑම ශෝක මූඩ් එකක් සුන්නද්දූලි වෙලා යනවා. ඒ විදියට නිමවුණු, අදටත් නත්තල් කාලෙට හතර වටෙන් ඇහෙන මේ ගීතවලට කවුද ආසා නැත්තේ? 1. Feliz Navidad – Jose Feliciano Image Source – twitter.com ලෝකයේ ඉතා විශාල රසික පිරිසක් ආකර්ෂණය වුණ මේ ගීතය ගායනා කරන්නේ කඩු පොලිෂ් ඉංග්‍රීසි ජාතිකයෙක් නෙවෙයි. පුවර්ටෝ රිකෝ හි ගායකයෙකු වන ෆෙලිසියානෝගේ මේ ගීතයේ “Feliz Navidad” කියන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන් “සුබ නත්තලක්” කියන එකටයි. ඒ හා සමගාමීවම සින්දුවේ “I wanna wish you a merry christmas” කියලා කොටසකුත් කියවෙනවා. මේ තරම් සරල ගීයක් දේශ සීමා පහු කරලා වැඩියෙන්ම අලෙවි වුණ නත්තල් ගී අතරට යන්න හේතුව වෙන්න ඇත්තේ මේ ගීතයේ තියෙන සරල වගේම සතුටු හිතෙන ගතිය වෙන්න ඕනි. මේ සින්දුවේ අන්තර්ගතය ගත්තොත් තියෙන්නේ පේලි පහක් හෝ හයක්. ඒත් සංගීතය කියන්නේ අමුතු ම දෙයක්. 2. Carol of the Be...